Saturday, February 15, 2014

Virtual Dj Sinhala පාඩම් මාලාව 2 කොටස

    Virtual Dj පාඩම් මාලාව 2 කොටස


ලින් Post  එකේදි Virtual dj Software එක install කරන හැටි මම කියලා දුන්නා, අද එහෙනම් අපි මේක පාවිච්චි කරන හැටි ඉගෙන ගමු,

මුලින්ම මේ Virtual dj Software එන Run කරලා ඒක load වෙනකම් ඉන්න, මතක තියාගන්න Run කරන්න ඕන crack එක, එහෙම නැත්නම් ඔයාගෙන් serial key එකක් ඉල්ලයි.



අපි මුළින්ම මේ Software එකේ මුහුනත එහෙමත් නැත්නම් Interface එක හඳුනා ගනිමු.


මම මේ   photo එකේ හැම එකම නම් කරලා නෑ ඒවා මම ඉස්සරහට කියලා දෙන්නම්,

මේ Software එක දැක්ක ගමන් පේන්නේ ... දෙකක එකතුවක් වගේ, ඒක නිසා අපි මුළින්ම මේ Software එකේ තියෙන deck එකක කොටස් හඳුනා ගනිමු.



  • Details panel    = අප play කරන ගීතයේ විස්තර දැක්වෙන panel එක
  • Bpm                = අප play කරන ගීතයේ BPM අගය
  • Wave form      = ගීතයේ ශබ්ද අඩංගු වන ආකාරය දැක්වෙන panel එක
  • Key lock         = Tempo එක වෙනස් කරන විට ගීතයේ Key  අගය වෙනස් නොවි තිබීමට මෙය                                      භාවිතා කරයි
  • Tempo              =  ගීතයේ වේගය පාලනය කිරීමට මෙය භාවිතා කරයි
  • Pitch                 = ගීතයේ ස්වරය වෙනස් කිරීමට මෙය භාවිතා කරයි
  • Sync button       = දෙකේ ඇති ගීත දෙක ගැලපීමට මෙය යොදා ගනි
  • Scratching disk  = ගීතය Scratch කරන්න (සමහර Remix වල  චිරි..බිරි ගාලා සද්ද එන්නේ මෙහෙම                                  -කරාම  තමයි)
  • Cue button         = ගීතයේ විශේෂ තැනක් ලකුණු කරන්න, ගීතය විශේෂ තැනකින් පටන් ගන්න මේක                                 යොදාගන්න පුළුවන්
  • Sampler record  = Sampler එකක් record කරන්න
  • Loop Panel        = ගීතයක් Loop කරන්න (එකම කොටස කිහිප වරක් යෑම)
  • Effect panel        = ගීතයට Effect යොදන තැන
  • Sampler panel    = ගීතයට Sampler යොදන තැන 

Sound controls සහා Sampler ගැන මගේ ඊලග Post එකෙන් අපි ඉගෙන ගමු.

Thursday, February 13, 2014

Virtual Dj SInhalan

             Virtual DJ සිංහලෙන් ඉගෙන ගමු

    ගොඩක් අය කැමතියි  DJ කරන්න හැබැයි අපිට තියෙන ප්‍රශ්නෙ තමයි DJ කරන්න උපකරන එහෙමත් නැත්නම් Dj Console එකක් නැති වීම,
අද කාලේ Dj Console  එකකුත් රුපියල් 1,50000 ක් වෙනවා ගොඩක් අයට Dj  උපකරන  මිලට ගන්න විදියක් නෑ.. එහෙම ගත්තත් ඒවා පාවිච්චි කරන්න ටිකක් විතර අපහසුයි. වැඩි කතා ඕන නෑ... අපි මාතෘකාවට බහිමු,


      “Virtual Dj”  ගොඩක් අය මේ  Software එක install කරලා පාවිච්චි කරලා තිබුනට,සමහර අය මේ software  එකට අළුත් එක නිසා මේක අපි මුල ඉදන්ම පටන් ගමු.
      ඇත්තටම Virtual Dj කියන්නෙ Dj කරන්න පාවිච්චි කරන Software එකක් හැබැයි මේක වෙන දේවල් වලටත් යොදාගන්න පුළුවන්,
මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවන් කිහිපයක්,
  • නාට්‍යක පසුබිම් සංගීත අංග එකතු කිරීමට,
  • ඕනෑම උත්සවයකට සංගීතය සැපයීමට,
  • ඕනෑම සිංදුවක් Edit කරන්න,

මේවගෙ තව ඔනෑ තරම් අවස්ථා තියෙනවා මේ Software එක ඉගෙන ගනිද්දි ඉස්සරහට ඕගොල්ලන්ට තේරෙයි.
මුලින්ම අපි මේ Software එක  Install කරමු
  
Virtual Dj Download කරන්න පහත Link එක click කරන්න

Downlaod Virtual Dj (Torrentz)
Download Virtual Dj Pro + crack (Direct Download)
External Mirror 1

ඒක Install කරන හැටි මුල ඉදලා කියලා දෙන්න ඕන නෑනේ?

rar file එක unrar කරලා, 

setup එක install කරලා ,

crack එක run කරන්න. 


පාඩම් මාලාව ඉදිරියට ගෙන යන්න ඊළග post එක බලන්න...

මෙතනින් යන්න....

මොකක් හරි අවුලක් උනොත් comment එකක් දාන්න...